background img

The New Stuff

රටේ හෙනහුරා

"මගේ රට" වනසනවා මගේ රට 
"මගේ ජාතිය" වනසනවා මගේ ජාතිය
"මගේ ආගම" වනසනවා මගේ ආගම
ඉතින් කීම " මගේ කම"  

අහාරමය තොරතුරු


මිනිසාගේ මුලික අවශ්‍යතා හැටියට බොහෝ විට පිළිගනු ලබන්නේ ආහාර, නිවාස සහ ඇදුම්. මීට අමතරව තව බොහෝ දේ නම්කළ හැක. මිනිසාගේ ආහාර ගැන අවධානය යොමුකළ විට අප ඕනෑම ආහාරයක්, ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑම වෙලාවක නොගැනීමට බොහෝවිට වගබලා ගෙන සමබර ආහාරයක් ගැනීමට උත්සුක වන්නේ නිරෝගීව ජිවත් වීමට අවශ්‍ය බැවිනි. තොරතුරු මිනිසාගේ මුලික අවෂ්‍යතාවයක් ලෙස බොහෝදෙනා නොසලකුවද, එය ඒතරම්ම වැදගත් බව මේවනවිටත් අතලොස්සක් පමණක් තේරුම් ගෙන ඇතිබව සමාජයේ ක්‍රියා තුලින්ම පිලිබිබු වීම එතරම් සතුටට කාරණාවක් නොවේ. පරිගණක තාක්ෂනයනයේ දියුණුව හා අන්තර්ජාල භාවිතා කිරීමට ඇති හැකියාවේ වර්ධනය, ප්‍රමාණාත්මක ලෙස තොරතුරු වෙත ලගාවීම පහසු කර ඇත. නමුත් අප වෙත ලගා වෙන මේ සියලු තොරතුරු හැකි තරම් ආහාරයට ගැනීම කොතරම සව්ක්‍ය සම්පන්නද? එය හරියටම ඕනෑම ආහාරයක්, ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑම වෙලාවක ගෙන අවශ්‍ය වියායාම නොකර සිටීමක් වැනිය. උදාහරණයක් ලෙස ඔබ දවස් 30 ක් ITN පුවත් හෝ සිරස TV පුවත් පමණක් නැරබුවයි සිතන්න. ඔබට කුමක් සිදුවේද?  

අප පරිශීලනය කරනා දත්ත හා තොරතුරු වල ගුණාත්මක භාවය තීරණය කිරීම අප සතු ක්‍රියාවලියකි. එමනිසා අප ආහාරයට ගන්න තොරතුරු සමබර ආහාර වේලකට සමාන විය යුතුය. එයද ප්‍රමාණවත් නොවේ. අප ලබාගත් තොරතුරු නිසි වියායාම තුලින් සකසා ගැනීම අනිවාර්ය වේ. එසේ නැතහොත් ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අපට හැකියාවක් නොලැබෙනු ඇත. එදිනෙදා සමබර ආහාර වේලක් මෙන් එදිනෙදා පරිශීලනය කලයුතු තොරතුරු ප්‍රමාණයක් හා අද්‍යනය කල යුතු ආකාරයක් ඇත. එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන්නා සේම නැවත බාවිතයට ගැනීමද වෙනස් වේ. උදාහරණයක් ලෙස එකම ආහාර වේලක් ගන්නා පිහිනුම් ක්‍රීඩකයකු හා කායවර්ධන  ක්‍රීඩකයකු  මෙන්.

තොරතුරු පරිශීලනයේදී අමු තොරතුරු (දත්ත, raw data) සහ සැකසු තොරතුරු (prepared data/information) වෙන්කර හදුනාගැනීම ඉතාමත් අවෂ්‍ය වේ. මන්ද අප ලබාගන්න දත්ත අප සතු දත්ත හා තොරතුරු සමග පිරික්සා (analyse) නව තොරතුරු බවට පත්කලයුතු අතර සැකසු තොරතුරු හොදින් විමසා බලා සංස්කරණය කල තොරතුරු බවට පත් කල යුතුය. එය එසේ නොවන්නේනම්, එය තවෙකෙකු වෙනුවෙන් පෙනීසිටීම හා සමනය.

සිතමු, අප පරිශීලනය කරනා තොරතුරු එදිනෙදා ගන්නා ආහාර මෙන් 
සකසමු, විමසා බලා මැනවින්
සකසමු නැවත්, නැවත නැවත්
බලමු එය කෙතරම් වෙනසකට මග පාදයිද කියා

More

More makes more questions
More questions, more answers
More answers......
More stress....
More unhappy time

Who!

Am I
Are you
Are we
Are they

චීවරධාරියා...


කරන ක්‍රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත. 
චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද, ඒ චීවරධාරියා බුද්ධයකු වන්නේද නැත
චීවර දර සිටින මොඋන් කවහුද?

චීවරයක් දරු පමණින් චීවරධාරියකුම වේ 
චීවරධාරියා හා  චිවරය යනු එකක් නොව දෙකකි
චිවරය බුද්ධ දර්ශනය හා බැදී පවතී
නමුත්,   

මහා සගරුවන හා චීවරධාරියා යනු එකෙකු නොවේ 
චීවරධාරියා හා  චිවරය යනුද එකක් නොවේ 



මහා සගරුවන යනු චීවරධාරියාම පමණක් නොවේ. 
චීවරධාරියා යනු හුදෙක් චිවරය දරන්නමය.
කරන ක්‍රියාවෙන් පමණක් වසලයකු වන මිනිසාට චීවරයක් දැරීමේ හැකියාවක් ඇත. 
චීවරයක් දැරූ ඒ මිනිසා වසල කමින් නොමිදෙන්නේද, 
වසල ක්‍රියාවන්හි නිතර නිතර යෙදෙන්නේද නම්
ඒ චීවරධාරියා මහා සගරුවනට අයත් නොවන්නේ මහසගරුවන වසල කමේ නොදෙන බැවිනි
ඔහු හුදෙක්ම චීවරදරියෙකුම පමණකි.
එසේනම්, චීවරය දරා සිටින මොඋන් කවහුද?

India v Sri Lanka, CB Series, Brisbane Jayawardene pleased despite dropped catches

India v Sri Lanka, CB Series, Brisbane Jayawardene pleased despite dropped catches

Mahela Jayawardene is very well determined, focused, confident, and strong leader. That’s why I really like about him. He knows how to use the players and execute the game plan. More importantly read the game very well.  This is true for Sanga as well. Both these cricketers have a responsibility of mentoring and preparing these young guys to their level in the future. Of course they are doing it and will do more. Thanks guys.

දෙදහස් දොළහේ පෙබරවාරි හතර



කියපන් මම දැන් ද්‍රෝහියා 
කියපන් මම දැන් ඇමෙරිකන් වෙලා 
කියපන් මට දැන් මුල අමතක වෙලා 
නිදහස් දිනය මට නොදැනෙන නිසා 

Popular Posts