මිනිසාගේ මුලික අවශ්‍යතා හැටියට බොහෝ විට පිළිගනු ලබන්නේ ආහාර, නිවාස සහ ඇදුම්. මීට අමතරව තව බොහෝ දේ නම්කළ හැක. මිනිසාගේ ආහාර ගැන අවධානය යොමුකළ විට අප ඕනෑම ආහාරයක්, ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑම වෙලාවක නොගැනීමට බොහෝවිට වගබලා ගෙන සමබර ආහාරයක් ගැනීමට උත්සුක වන්නේ නිරෝගීව ජිවත් වීමට අවශ්‍ය බැවිනි. තොරතුරු මිනිසාගේ මුලික අවෂ්‍යතාවයක් ලෙස බොහෝදෙනා නොසලකුවද, එය ඒතරම්ම වැදගත් බව මේවනවිටත් අතලොස්සක් පමණක් තේරුම් ගෙන ඇතිබව සමාජයේ ක්‍රියා තුලින්ම පිලිබිබු වීම එතරම් සතුටට කාරණාවක් නොවේ. පරිගණක තාක්ෂනයනයේ දියුණුව හා අන්තර්ජාල භාවිතා කිරීමට ඇති හැකියාවේ වර්ධනය, ප්‍රමාණාත්මක ලෙස තොරතුරු වෙත ලගාවීම පහසු කර ඇත. නමුත් අප වෙත ලගා වෙන මේ සියලු තොරතුරු හැකි තරම් ආහාරයට ගැනීම කොතරම සව්ක්‍ය සම්පන්නද? එය හරියටම ඕනෑම ආහාරයක්, ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑම වෙලාවක ගෙන අවශ්‍ය වියායාම නොකර සිටීමක් වැනිය. උදාහරණයක් ලෙස ඔබ දවස් 30 ක් ITN පුවත් හෝ සිරස TV පුවත් පමණක් නැරබුවයි සිතන්න. ඔබට කුමක් සිදුවේද?
අප පරිශීලනය කරනා දත්ත හා තොරතුරු වල ගුණාත්මක භාවය තීරණය කිරීම අප සතු ක්‍රියාවලියකි. එමනිසා අප ආහාරයට ගන්න තොරතුරු සමබර ආහාර වේලකට සමාන විය යුතුය. එයද ප්‍රමාණවත් නොවේ. අප ලබාගත් තොරතුරු නිසි වියායාම තුලින් සකසා ගැනීම අනිවාර්ය වේ. එසේ නැතහොත් ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අපට හැකියාවක් නොලැබෙනු ඇත. එදිනෙදා සමබර ආහාර වේලක් මෙන් එදිනෙදා පරිශීලනය කලයුතු තොරතුරු ප්‍රමාණයක් හා අද්‍යනය කල යුතු ආකාරයක් ඇත. එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන්නා සේම නැවත බාවිතයට ගැනීමද වෙනස් වේ. උදාහරණයක් ලෙස එකම ආහාර වේලක් ගන්නා පිහිනුම් ක්‍රීඩකයකු හා කායවර්ධන ක්‍රීඩකයකු මෙන්.
තොරතුරු පරිශීලනයේදී අමු තොරතුරු (දත්ත, raw data) සහ සැකසු තොරතුරු (prepared data/information) වෙන්කර හදුනාගැනීම ඉතාමත් අවෂ්‍ය වේ. මන්ද අප ලබාගන්න දත්ත අප සතු දත්ත හා තොරතුරු සමග පිරික්සා (analyse) නව තොරතුරු බවට පත්කලයුතු අතර සැකසු තොරතුරු හොදින් විමසා බලා සංස්කරණය කල තොරතුරු බවට පත් කල යුතුය. එය එසේ නොවන්නේනම්, එය තවෙකෙකු වෙනුවෙන් පෙනීසිටීම හා සමනය.
සිතමු, අප පරිශීලනය කරනා තොරතුරු එදිනෙදා ගන්නා ආහාර මෙන්
සකසමු, විමසා බලා මැනවින්
සකසමු නැවත්, නැවත නැවත්
බලමු එය කෙතරම් වෙනසකට මග පාදයිද කියා